ජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හා පුරා කියා කොරෝනා ආසාදනයට ලක්ව කොළඹ අයි.ඩි.එචි. රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කළ රෝගියා අද (8) සුවවී තම නිවෙස වෙත පැමිණ ඇති අතර එම පුද්ගලයා තවත් දින 21 ඔහුගේ නිවෙස තුළම ස්වයං නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කළ බවද ජාඇල මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතා පවසයි.
තදින් මත් ද්‍රව්‍යයට ඇබිබැහිවුවෙකු බවට කරුණු හෙලිදරවි වී ඇති මේ 28 හැවිරිදි තරුණයා පසුගිය මස 05 වෙනි දින බෝපිටිය ප්‍රදේශයේ සොරකමේ ගොස් සිටියේදි ගම්මුන්ගේ පහර කෑමට ලක්ව පමුණුගම පොලිසියට භාර දිමෙන් පසු සැකකරු රාගම ශික්ෂණ රොහලට ඇතුලත් කර සිටියේදි ඔහු කෙරෝනා ආසාදිතයෙකු බවට කරුණු අනාවරණය විය.
පමුණුගම මුළු පොලිසියම නිරෝධායනයට ලක් කිරිමටත්,පමුණුගම එක් මාවතක් හුදෙකලා කිරිමටත්,මේ තත්ත්වය මත සිදුවු බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පැවසිය.
මේ කොරෝනා ආසාදිතයා සොයා ගැනිමෙන් පසු ඔහු හා කිටිටුවෙන් සබදතා පැවැත්වු බව කියන සුදුවැල්ලේ තවත් පිරිසකටත් කොළඹ නාගලගම් විදියේ හා ගුණසිංහපුර වැනි ප්‍රදේශවල පිරිසකටත් කොවිඩි 19 වෛරසය ආසදනය වි ඇති බව වාර්තා වි තිබුණි.
මේ අතර බලවත්ම බේදවාචකයක් බවට පත්ව තිබුනේ ගෙවුන සති දෙක හමාර තුළ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් හා ඔවුන් ඇසුරු කලවුන් සොයා කළ මෙහෙයුම් වලට පෙරමුණ ගෙන කටයුතු කළ වැලිසර නාවික හමුදා කදවුරේ සෙබෙලූන් 300 දෙනකුට අධික සාමාජිකයන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වි තිබිමය.
මේ අයුරින් කොවිඩි 19 වෛරසය පැතිර යාමට ඉවහල් වි ඇති ප්‍රධාන වාහකයා ලෙසට මෙයට සති පහකට 05 ඉහත බෝපිටිය ප්‍රදේශයේ සොරකමේ ගොස් සිටියේදි ගම්මුන්ගේ පහර කෑමට ලක්ව පමුණුගම පොලිසියට භාර දිමෙන් පසු රෝහල් ගතකර සිටියේදි කෙරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වු තරුණයා බවට දැඩි සැකයක් සෞඛ්‍ය බලධාරින් සහ ආරක්ෂා අංශ තුළ පවති.
ජාඇල තිස්ස කොටින්කඩුව