අද අලුයම සීදුව සමාජ ශාලාවක හිමිකරු විසින් එහි සේවකයෙකුට වෙඩා තැබා ඇති බව පොලීසිය පවසයි. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති අවුරුදු 34ක් වන සීදුවේ පදිංචිකරුවා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
සමාජ ශාලාවේ සේවකයෙක් හා සමාජ ශාලාවට පැමිණ සිටි පිරිසක් අතර ඇතිවූ බහින් බස් වීමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
සමාජ ශාලාවේ හිමිකරු ප්ර දේශයේ පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
මේ අතර බෙලිඅත්තේදි ඊයේ (18දා) රාත්රියේ සිදුවූ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. අවුරුදු 24ක් වන තුවාල ලැබූ පුද්ගලයා තංගල්ල රෝහලේ ප්රතිකාර ලබයි.