සත් හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන හතලිස්තුන් හැවිරිදි දෙදරු පියෙක් ඊයේ (10දා) රාත්රියේදී සැකපිට ප්රශ්න කිරීම සඳහා කරන්දෙනිය දිවියගහවෙලදී අත් අඩංගුවටගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.
මේ සැකකරු අපයෝජනයට ලක්වූයේ යයි කියන දැරියගේ නිවස ආසන්නයේම පදිංචි අයෙක් බවද පොලීසිය කියයි.
දැරියගේ මව තවත් අසල්වාසි කාන්තාවක් සමග ගමේ තිබූ මළගමකට ගොස් සිටියදි සිය නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි මේ දැරිය රවටාගෙන සැකකරු සිය නිවසට කැඳවාගෙන ගොස් ඇයව ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බවද පොලීසිය කියයි.
සැකකරු අතින් ලිංගික අපයෝජනයට ලක්වූයේ යයි කියන සත් හැවිරිදි දැරිවිය මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවද පොලීසිය කියයි.
කරන්දෙනිය සුසිල් ප්රියන්ත