ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන සිඩ්නි හි පදිංචිකරුවන්ට නිරෝධායනයකින් තොරව වෙනත් ප්‍රාන්ත හරහා ගමන් කිරීම තහනම් කර තිබේ.
එහිදී සියලුම ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ප්‍රදේශවලට සිඩ්නි නුවර සිට පැමිණෙන පිරිස් දින 14ක නිරෝධායනයකට භාජනය වීමට අවශ්‍ය වනු ඇතැයි ප්‍රාන්ත රජයන් පවසයි.
සෙනසුරාදා දිනයේදීද දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ්-19 ආසාදිතයන් 30ක් සිඩ්නි නුවරින් අනාවරණය විය.
මෙම ආසාදන පොකුරු මේ වනවිට රෝගීන් 68 ක් දක්වා වර්ධනය වී ඇති අතර, එහි ප්රභවය තවමත් අනාවරණය වී නැතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා කියා සිටියේ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන නව කොවිඩ්-19 ප්‍රභේදය ඔස්ට්‍රේලියාවෙන්ද හමුවී ඇති බවය.
මේ අතර උතුරු වෙරළ තීරයේ පදිංචිකරුවන්ට බදාදා මධ්‍යම රාත්‍රිය වන තෙක් තම නිවෙස්වල රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ.