2015 දී ආදිවාසී ඩේවිඩ් ඩන්ගෙයි ජෙනර්ගේ මරණයට විරෝධය දැක්වීම සඳහා සිඩ්නි නුවරදී සංවිධානය වූ බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතාව විසුරුවා හැරීමට ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් පොලීසිය කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් උද්ඝෝෂණය පැවැත්වීමට පෙර, එව අනවසරයෙන් ප්‍රකාශයට පත්කළ විරෝධතාවක් බවට නියෝගයක් නිකුත් කළ බැවින් 500ක් පමණ සහභාගී විමට සැලසුම් කර තිබූ විරෝධතාව සඳහා කුඩා කණ්ඩායමක් සහභාගී වී ඇත.
මේ අතර එම පොලීසියේ සහකාර පොලිස් කොමසාරිස් මයිකල් විලින් පවසා සිටියේ සෞඛ්‍ය හේතූන් මත විරෝධතාව ඉදිරියට යාම වැළැක්වීම සඳහා සැලකිය යුතු මෙහෙයුමක් සිදුකරමින්, පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, පොලිස් මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවය.
“අපි විරෝධතා විරෝධීන් නොවෙයි. නමුත් වසංගතයක් මධ්‍යයේ එය නොකළ යුතුයි" විලින් පැවසීය. "ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විසින්ම නිව් සවුත් වේල්ස්හි තත්ත්වය මුවහත් පිහියක් අද්දර ඇති බව විස්තර කළා. ඒ නිසා ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට වෙනත් ක්‍රමයක් සොයාගත යුතුයි."
මෙසේ අත්අඩංගුවට ගත් අයගෙන් පස් දෙනෙකුට කොවිඩ් -19 මහජන සෞඛ්‍ය නියෝගය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 1,000ක දඩයක් නියම කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය, අත්අඩංගුවට පත් අනෙක් පුද්ගලයාට අසභ්‍ය වචන සම්බන්ධයෙන් අපරාධ නීති උල්ලංඝනය කිරීමේ දැන්වීමක් නිකුත් කර තිබේ.