සිඩ්නි නුවර කොවිඩ්-19 අගුලු දැමීම දීර්ඝ කරන්නේද යන්න ඉදිරි පැය 24 තුළ තීරණය කිරීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් මහ ඇමතිවරිය කියයි.
ප්‍රාන්තය තුළ දේශීයව හඳුනාගත් කරගත් නව කොවිඩ්-19 ආසාදිතයන් 18ක් පමණක් අද දිනයේ අනාවරණය වී ඇති අතර, එය පෙර දින සංඛ්‍යාවෙන් අඩකට සමානය. නමුත් මහ ඇමතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් පැවසුවේ මිලියන පහක ජනතාවක් සිටින නගරයේ දැනට පවතින අගුලු දැමීම එහි අවසානය බවට පත්කිරීමට සිය පරිපාලනය ගත් අවධානයද මෙහිදී සැලකිල්ලට ගන්නා බවයි.
"එය (සති දෙකක අගුලු දැමීම) සිකුරාදා අවසන් වේද යන්න හෝ අප තවදුරටත් ඉදිරියට යනවාද යන්න පිළිබඳව අපගේ තීරණ ගැනීමේදී මේ සියලු කරුණු බලපානු ඇති" බෙරෙජික්ලියන් වාර්තාකරුවන්ට පැවසීය. "ලබන සතියේ පෙනුම කෙබඳුද යන්න පිළිබඳව හෙට දිනය වනවිට ජනතාවට සන්නිවේදනය කිරීමට හැකිවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා."
කොවිඩ්-19 හි ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාමේ නවතම තත්ත්වය වැළැක්වීම සඳහා සිඩ්නි ජූනි 26දා සිට දැඩි අගුලු දැමීමක සිටින්නේ, ලොක්ඩවුන් තත්ත්වයේ දිගුවක් ලෙසිනි. අද සටහන් වන ආසාදිතයන්ගෙන් 16ක්ම ඔවුන්ගෙන් අන් අයට වෛරසය බෝවන කාල පරිච්ඡේදය පුරාම හුදෙකලාව සිටි පිරිසකි. රෝගීන් දෙදෙනෙකු පමණක් බෝවන කාලය අතරතුර ප්‍රජාව තුළ කාලය ගත කර ඇත.
2021 දී සිඩ්නි නුවර අතිශය නරකම කොවිඩ්-19 පැතිරයාම සමග පොරබදමින් සිටින්නේ, විදේශීය ගුවන් සේවකයින් ප්‍රවාහනය කළ ලිමොසින් රියදුරෙකු විසින් පළමු ආසාදන සිද්ධිය අනාවරණය කරගැනීමෙන් පසුවය. මේ ආසාදන රැල්ල විසින් මේ වනවිට සමස්ත ආසාදිතයන් 330ක් ඉක්මවා වාර්තා කර තිබේ.