ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් වූ සටන තවමත් අවසන්ව නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අරලිය ගහ මන්දිරයට රැස්ව සිටින ජනතාව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
" ප්රජාතන්ත්රවය වෙනුවෙන් සටන තාම අවසන් නෑ. දිවුරුම් දීමේ අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාවක් දුන්නේ නෑ. ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන සටන වෙනුවෙන් හෙට ගෝල් ෆේස් පිටියට එන්න. "