“සමගි ජන බලවේගය හෙට අනිද්දා ලොකු උද්ඝෝෂණයක් කරන්න හදනවා. ඇයි මේ උද්ඝෝෂණය කරන්න හදන්නේ රටක් දියුණු කරන්න ද? රටේ ජනතාවට සෙත සලසන්න ද? නැහැ රෝගය ව්‍යාප්ත කරලා නැවත වතාවක් මේ රට අගාධයට පත් කරන්න. ඒකට අපි පොලිසිය වශයෙන් ඉඩ දෙන්නේ නැහැ.
අධිකරණයෙන් හෙට ලබා දෙන නියෝගය අනුව,පොලිසිය කටයුතු කරනවා. කවුරු මොන තරාතිරමේ හිටියත්,කවුරු කටමැත දෙඩෙව්වත්,ඔවුන්ට විරුද්ධව නීති නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා” යැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ ඒ මහතාට ලද විමධ්‍යගත අරමුදලින් පොල් පැළ 100 ක් හා දහම් පාසල් සහ ප්‍රජා ශාලා සංවර්ධනය වෙනුවෙන් මුදල් ආධාර ලබා දීමේ උත්සවය කැස්බෑව නගර ශාලාවේ පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිනි.
“ඇත්ත වශයෙන් ම මේ වගේ පුද්ගලයෝ ඉන්න රටක් ගැන අපි ලැජ්ජ වෙන්න ඕන. නායකයෝ කියන්නේ එහෙම නොවෙයි.දේශපාලනඥයෝ කියන්නේ රටක් යම්කිසි අගාධයකට වැටෙනවා නම්, ආර්ථික අතින් අපහසු තාවයක් තියෙනව නම්, වසංගතයක් තව දුරටත් ව්‍යාප්ත වන බව අපට පෙනෙන වනම් ඒකට රුකුල් දෙන එක නොවෙයි.
විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ අපි සමග එකතු වෙලා මේ වසංගතය පැරදවීම මිසක් වසංගතය සමඟ එකතු වෙලා රජය පැරදවීම නොවෙයි. මේගොල්ලෝ හදන්නේ එහෙම කරන්න ඒක ඉතා අවාසනාවන්ත තත්ත්වයක්.
කවුරු කෙසේ කීවත් පොලිසියේ භාර ඇමතිවරයා හැටියට මම ඒකට ඉඩ දෙන්නේ නැහැ .අධිකරණ නියෝගයක් ආවොත් අනිවාර්යෙන්ම ඒ නීති විරෝධී ජන රාශි ජන රැලි නීති විරෝධී උද්ඝෝෂණ අපි අනිවාර්යෙන්ම නවත්තනවා. නවත්තලා ඒක කරන්න මූලික වන අයට අපි නඩු දානවා. පොලිසිය කරන්නේ නීතිය හා සාමය රකින එක .පොලිසියට යම් නියෝගයක් දීලා තියෙනවා නම් ඒ නියෝගය පිළිපදිනවා.
සෞඛ්‍ය බලධාරීන් තමයි අධිකරණයට ගිහින් තියෙන්නෙ .මේ වගේ උද්ඝෝෂණවලින් ජන රැළි වලින් මේ රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන් තවත් රැල්ලක් ඇති වන්න පුළුවන් ,එතකොට රටේ ජනතාවට මොකද වෙන්නේ ,එතකොට ස්වයං රැකියා කරන අයට කර්මාන්ත ශාලා පවත්වාගෙන අයට මොකද වෙන්නේ පසුගිය අවුරුද්දේ හිටිය වගේ ඉන්න වෙනවා .රටකට මොකද වෙන්නේ.”
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
