හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපති දප්පුලද ලිවේරා මහතා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැසීය.
ඔහු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස කටයුතු කරන සමයේදී රුපියල් කෝටි 4කට අධික මුදලක් නීතිවිරෝධී අන්දමට උපයාගත් බවට චෝදනා කරමින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ මෙම නඩුව ගොනු කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මහත්මිය සඳහන් කළාය.