පරිසර විනාශයන් පිළිබදව මේ දිනවල විශාල කතාබහක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශාල පරිසර හානියක් සිදුකර ඇති බවට සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඔ්නෑම විවාදයකට එක්විමට තමන් ආරාධනා කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එහෙම සිද්ධින් සම්බන්ධයෙන් විපක්ෂයෙන් නොයෙක් චෝදනා නැගෙන බවත් ඒවා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් ඒ ඔ්නෑම සිද්ධියක් සාක්ෂි සහිතව ඔප්පු කිරිමට තමන්ට හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ සියලු සිද්ධින් රජය අපකිර්තියට පත්කිරිමට විපක්ෂයෙන් සිදු කරන චෝදනා බවත් මේ සම්බන්ධයෙන් ඔ්නෑම විවාදයට තමන් සුදානම් බවත් ඔහු සඳහන් කරයි.