රුපියල් ලක්ෂ තිස් හතක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පොල්ගස්ඕවිට වැතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමේ උත්සවයක්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (30) දා සිදු කෙරිණි .
වෑතර දිසා රෝහලේ විශාල අඩුපාඩුවක්ව පැවති, රෝගීන්ගේ හෘද වස්තුව පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක්, වෑතර දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්ත වික්‍රම මහතා වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහිදී ප්රදානය කෙරිණි .
මෙම වෛද්‍ය උපකරණ තොගය ඉකුත් ජුනි 23 දා රෝහලට භාරදීමට නියමිතව තිබුණත් මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් එය තාවකාලිකව අත් හිටුවීමට පියවර ගෙන තිබුණි .
මේ අතර එම භාණ්ඩ තොගය වෑතර දිසා රෝහලට ම ලබා ගැනීම සඳහා හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් අභය ගුණරත්න මහතා හා හෝමාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංග අබේසිංහ මහතා ඇතුළු රෝහල් කමිටුවේ ඉල්ලීමක් මත නැවත වරක් මෙම රෝහලට ලබාගැනීමට මෙසේ පියවර ගෙන තිබුණි .
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ,හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී දයාරත්න ,හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නලීන් ප්‍රදීප් උඩවෙල,රොඩ්නි ප්‍රෙෂර් ,ලක්ෂ්මන් අභයගුනරත්න,හෝමාගම ආසනයේ සමගි ජන බලවේගය ප්‍රධාන සංවිධායක ,නීතීඥ එරන්ද වැලිඅංගගේ ,හෝමාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංග අබේසිංහ මහතා ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.