සංචරණ සිමා පනවා ඇති අඹගම්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කෙනිල්වත්ත බ්ලැක්වොටර් වත්තේ ඉහල සහ පහල කොටසින් ගතවු පැය 24 තුල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයින් 12 දෙනෙකු හමු වි ඇති බවත් ,එම අසාදිතයින් අතරින් අසාදිතයින් කිහිප දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
එම වතුයායෙන් මිට පෙර කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයින් 35 දෙනෙකු හමුවි ඇති බවත් ඉන් අනතුරුව එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් 800 දෙනෙකුගෙන් 475 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණයට අනුව අසාදිතයින් 12 දෙනෙකු හමු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් කියා සිටියේ.
මේ වනවිට එම වතුයායේන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයින් ගණන 47 දක්වා ඉහල ගොස් ඇත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.
දැඩි සංචරණ සිමා පනවා ඇති එම වතුයායට යුද හමුදාව සහ පොලිසිය එක්ව දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කර ඇත.