පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා ලබාදුන් ‘සහන පැකේජය’ තවදුරටත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සංචාරක ක්ෂේත්රයේ අනාගතය සම්බන්ධයෙන් එල්ල වූ තර්ජනය සැලකිල්ලට ගෙන එම ක්ෂේත්රය නඟා සිටුවීම සඳහා සහන පැකේජයක් ලබාදීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි.
ඊට අමතරව සංචාරක කර්මාන්තය හා සම්බන්ධ අනෙකුත් ක්ෂේත්රයන් සඳහාද සහන ලබාදෙන ලෙස ඉදිරිපත්වූ යෝජනාවන් සළකා බලමින් එම අංශ සඳහාද පෙර ලබා දුන් සහන තවදුරටත් පුළුල් කිරීමට නියමිතය.
ඒ අනුව සංචාරක කර්මාන්තයේ නියලී සිටි ආයතනය හා පුද්ගලයින් සඳහා හඳුන්වාදුන් කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් 2020 මාර්තු 31 දින දක්වා සහන කාලයක් ලබාදීම හා ඒ සඳහා වන ණය සුරැකුම් අරමුදලේ ආවරණය පුළුල් කිරීම, මගී බස්රථ හිමියන් සඳහා 2019 ජුනි 30 දක්වා මාස දෙකක ණය සහන කාලයක් ලබාදීම, සංගීත කණ්ඩායම් සඳහාද සංචාරක කර්මාන්තයේ නියැලී සිටින ආයතන හා පුද්ගලයන් සඳහා හඳුන්වාදුන් කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය හඳුන්වාදීම සඳහා සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ව්‍යාපාර කටයුතුවලට යෙදී සිටින කුඩා පරිමාණයේ අවිධිමත් අංශවල පුද්ගලයන් හා ආයතනවලට අවශ්‍ය මූල්‍ය සහාය ලබාදීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් ක්‍රියාත්මක ‘සංචාරක පොඩ්ඩෝ’ සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම යනාදී සහන ක්‍රියාත්මක කිරීමට වෙනුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.