2018 වසරේ අගෝස්තු මාසයේදී සංචාරක පැමිණීම්වල මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එය 2017 අගෝස්තු මාසය හා සැසඳීමේදී වාර්ෂික පදනම මත 4.9%ක වර්ධනයක් වී ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස වසරේ පළමු වැනි මාස 8 තුළදී මුළු සංචාරක පැමිණීම් ප්‍රමාණය 1,582,835ක් ලෙස වාර්තා වී ඇති අතර, එය 12.5%ක සමුච්චිත වාර්ෂික වර්ධනයකි.
ඒ අනුව, වසරේ පළමු මාස 8 තුළ සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 2,935ක් වී ඇත.
එක්සත් රාජධානියේ සිට පැමිණි සංචාරකයන්ගෙ ප්‍රමාණාත්මක වර්ධනය, අගෝස්තු මාසයේ සංචාරක අංශයේ වර්ධනය සඳහා දායක වී ඇති අතර, මැද පෙරදිග රටවලින් පැමිණි සංචාරකයන්ගේ සැලකිය යුතු අඩුවීමක්ද මාසය තුළ දක්නට ලැබී ඇත.