කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යළි නංවාලීම සඳහා එම ක්ෂේත්රයේ නිරතවූවන්ට සහන සැලසීමට රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සංචාරක ක්ෂේත්රයේ නියතු වූවන්ගේද අදහස් සැලකිල්ලට ගනිමින් මේ සඳහා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි.
හෝටල් හිමියන්, මාර්ගෝපදේශකයන්, සංචාරක කුලී රථ රියදුරන්, සංචාරක බස් රථ රියදුරන් සංචාරක ක්ෂේත්රයේ නිතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම සංචාරක ක්ෂේත්රයේ ප්‍රවීණයන් ද සමග සාකච්ඡා කර මෙම සහන වැඩ පිළිවෙල සැකසීමට දැනටමත් කටයුතු යොදා තිබේ.
රටවල් 48කට ලබා දී තිබූ නිදහස් වීසා පහසුකම්, සංචාරක සංවර්ධන බද්ධට ලබා දී තිබූ සහන තවදුරටත් ලබා දෙනවාද නැද්ද යන්න පිළිබදව ද ඔවුන් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ වෙනම යෝජනාවලියක් ඉල්ලා තිබේ. ඊට අමතරව සංචාරක, ගුවන්සේවා ක්ෂේත්‍ර නංවාලීමේ ඒකාබද්ධ සැලසුමක්ද සැකසෙමින් තිබේ. මෙම යෝජනා හා සැලසුම් පිළිබදව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
බිද වැටුණු සංචාරක කර්මාන්තය යළි නංවාලීම සඳහා වත්මන් රජයට හැකියාව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.