මත්තල ගුවන් තොටුපළ හම්බන්තොට වරාය, කොළඹ වරාය සහ කටුනායක ගුවන් තොටුපළ ඒකාබද්ධ කරගනිමින් සංචාරක, භාණ්ඩ හුවමාරු සහ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිරික්ෂණ චාරිකාවක ඊයේ (30) නිරත වීමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මත්තල ගුවන් තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කිරීම සදහා රජය කටයුතු කරමින් සිටින බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අවධාරණය කළේය. දැනටමත් ජාත්‍යන්තර ගුවන් සමාගම් රැසක් සමග මීට අදාළ සාකච්ඡා සිදු කර තිබේ. මත්තල ගුවන් තොටුපළ හම්බන්තොට වරාය, කොළඹ වරාය සහ කටුනායක ගුවන් තොටුපළ ඒකාබද්ධ කරගනිමින් සංචාරක, භාණ්ඩ හුවමාරු සහ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවද ඇමතිවරයා මෙහි දී කියාසිටියේය.
ප්රශ්නය - මත්තල ගුවන් තොටුපළ පහුගිය රජය වි ගබඩා කරලා නැත්තටම නැති කළා. අලුත් ආණ්ඩුවට මෙය ගොඩගන්න පුළුවන් ද?
පිළිතුර - පහුගිය ආණ්ඩුව මේ මත්තල ගුවන් තොටුපළ ලෝකයේ අසාර්ථකම ගුවන් තොටුපළ බවට පත් කරන්න විවිධ උත්සාහයන් ගත්තා. දැන් අපේ වගකීම තමයි කටුනායකට සමගාමී ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට මත්තල පත් කිරීමයි. ඒ සදහා අපි දැනටමත් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ ගැන අපි ගුවන් සමාගම් සමග සාකච්ඡා කළා. බොහෝ දෙනෙකු මත්තලට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන්න එකඟයි.
අපි මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය හා කොළඹ වරාය හා කටුනායක ගුවන් තොටුපළ එකට යාවෙන අධිවේගී මාර්ග පද්ධතියක් සකසනවා. එවිට අපිට මත්තල ගුවන්තොටුපළ සංචාරක භාණ්ඩ මෙහෙයුම් හා ආයෝජන ප්‍රවර්ධන කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කළ හැකියි. ඒක තමයි අපේ ඉලක්කය. ගිය ආණ්ඩුවට සැලැස්මක්, වැඩපිළිවෙලක් තිබුණේ නෑ මත්තල දියුණු කරන්න. ඔවුන්ට ඕන වුණේ රාජපක්ෂවරුන්ට මඩ ගහන්න මත්තල යොදාගන්න විතරයි. මත්තල ක්‍රියාකාරී ගුවන් තොටුපළක් බවට පත් කිරීම තරමක් ප්‍රමාද වුණේ කොවිඩ් වසංගතයත් සමග සංචාරක කර්මාන්තය බිද වැටුණු නිසායි.
ප්රශ්නය - කොවිඩ් වසංගතය අවසන් විමත් එක්ක දිනයක් තියෙනවාද එයාර්පෝට් අරින්න.?
පිළිතුර - කොවිඩ් වසංගතය අවසන් වෙන දිනයක් නෑනේ. අපිට සිද්ධ වෙලා තියෙනවා කොවිඩ් එක්ක ජීවත් වෙන්න. ඒ නිසා සෞඛ්‍ය අංශ නිර්දේශ ලැබුණොත් අපි ගුවන් තොටුපළ විවෘත කරන්න ලෑස්තියි.