ත්‍රිත්ව සුපර් පොස්පේට් පොහොරවලට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් නමින් පොහොර නිපදවීමේ ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එප්පාවල පොස්පේට් නිදියෙන් ලබා ගන්නා පොස්පේට් භාවිත කරමින් මෙම පොහොර නිපදවීමට නියමිතය.
වාර්ෂිකව ශ්‍රී ලංකාව ත්‍රිත්ව සුපර් පොස්පේට් ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 7ක් වැය වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
එම වියදම භාගයකින් අඩු කර ගැනීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයක් යටත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.
මීට අමතරව අතැම් ප්‍රදේශවල පවතින පොහොර හඟිය හැකි ඉක්මනින් විසදීමටත් කැබිනට් මණ්ඩලයෙ අනුමැතිය ලැබී තිබේ.