සිංගප්පූරුව ආරම්භයේදීම කොවිඩ්-19 වසංගතය පාලනය කර ඇති බවක් පෙනෙන්නට තිබුදත්, වෛරසය පැතිරීම පහසු වන නගරයේ කුඩා සහ අවහිර වූ ස්ථානවල ජීවත් වන විදේශීය කම්කරුවන් අතර රැල්ලක් ලෙස ආසාදිතයන් ඉහළ යාමක් සිදුවිය.
දකුණු හා අග්නිදිග ආසියාවෙන් විශාල වශයෙන් පැමිණෙන සංක්‍රමණික කම්කරුවන් මිලියන 1.4ක් පමණ සිංගප්පූරුවේ වාසය කරයි. ගෘහ සේවක - සේවිකාවන්, ඉදිකිරීම් කම්කරුවන් සහ වෙනත් කම්කරුවන් වශයෙන් මෙම සංක්‍රමණිකයන් සිංගප්පූරුවේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. නමුත් එරට අඩුම වැටුප් ලබන හා වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ගේ ගොඩට මොවුන් වැටෙයි.
සංක්‍රමණික කම්කරුවන් අතර ආසාදන අනුපාතය මෑත දිනවල මන්දගාමී වී ඇති බවක් පෙනෙන්නට ඇති අතර තවත් බොහෝ දේ යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.
ඒ අනුව ගෙවීගිය දිනයේ සිංගප්පූරුවෙන් කොවිඩ්-19 ආසාදිතයන් 344 දෙනෙකු අලුතින් හමුව තිබූ අතර, මේ සමග එරට සමස්ත ආසාදිත අගය 31,960ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම කොරෝනා වෛරස් ආශ්රිත මරණ 23ක් තහවුරු කර ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි. තවත් ආසාදිතයන් 862 දෙනෙකු රෝහල්වලින් නිදහස් කර ඇති බවත්, 15,738 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා ඇති බවත් එරට රජය අද (26දා) ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් කොවිඩ්-19 රෝගීන් 8 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර, තවමත් රෝහල් ගතව සිටින 607කට වැඩි පිරිසක් ස්ථාවර හෝ වැඩිදියුණු වෙමින් පවතින රෝග ලක්ෂණ පෙන්වන බවත්, මෘදු රෝග ලක්ෂණ ඇති හෝ සායනිකව යහපත් නමුත් තවමත් ධනාත්මක බව පරීක්ෂා කරන ආසාදිතයන් 15,592ක් නිරෝධායනය වන බවත් සිංගප්පූරු රජය වැඩිදුරටත් පවසයි.