කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ සිටි ශ්රී ලාංකික සිසුන් 186 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (06දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන එම විශේෂ ගුවන් යානය 5/06 දින සවස 4.45 ට සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම සිසුන් පිරිස ගුවන් යානය තුළත් සෞඛ්යාරක්ෂිතව, දුරස්ථභාවය රැකෙන පරිදි අසුන් ගන්වා තිබුණි.
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම සිසුන් පිරිස සහ ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු ද විශබීජ හරණය කිරීමට ලක් කෙරුණි.
පසුව ශ්රී ලංකා යුධ හමුදාව විසින් ඔවුන්ගේ බස් රථ මගින් මෙම සිසුන් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි.