සිංගප්පූරුවේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකුට ZOOM වීඩියෝ සම්ම්න්ත්‍රණ යෙදුම හරහා මරණීය දණ්ඩනය නියම කිරීමේ විශේෂ අවස්ථාවක් වාර්තා වෙයි.
සිංගප්පූරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අනුව, 2011 දී හෙරොයින් ග්‍රෑම් 28.5ක් ප්‍රවාහනය කිරීමට හවුල් වූ බව සොයාගත් මැලේසියානු ජාතික 37 හැවිරිදි පනිතන් ජෙනසාන් නැමැත්තාට මෙසේ මරණ දඬුවම නියම විය.
සිංගප්පූරු අධිකරණය ඔහුව හැඳින්වූයේ "මත්ද්‍රව්‍ය ගනුදෙනුවේ පිටුපස සිටින මහ මොළකරු" ලෙසය.
මේ ආකාරයෙන් පුද්ගලයෙකුට ZOOM වීඩියෝ සම්ම්න්ත්‍රණ යෙදුම හරහා මරණීය දණ්ඩනය නියම කිරීම ගැන අදහස් දක්වමින්, "කොවිඩ් -19 තවදුරටත් පැතිරීම අවම කිරීම සඳහා වන පියවරයන්ට අනුකූලව, අපරාධ කාරණා පිළිබඳ නඩු ඇතුළුව නඩු විභාග දුරස්ථව අධිකරණය විසින් පවත්වනු ලබනවා. ඒ අනුව සිංගප්පූරු ඉතිහාසය තුළ දුරස්ථ නඩු විභාගයකින් මරණ දඬුවම ප්‍රකාශ කළ පළමු වැනි අපරාධ නඩුව මෙයයි." යනුවෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශකයෙකු කියා සිටියේය.
සිංගප්පූරුවේ විදෙස් කම්කරුවන්ගේ ආසාදිත පොකුර විශාල වීමෙන් ඇති වූ අර්බුදය සමග එරට බොහෝ පොදු පහසුකම් වසා දමා තිබුණත්, නගර සහ රාජය සෙමෙන් ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට පිවිසෙමින් සිටී.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව සිංගප්පූරුවේ අවම වශයෙන් කෝවිඩ් -19 ආසාදිතයන් 29,812ක් සහ මරණ 23ක් වාර්තා වී තිබේ.