දිවුලපිටිය කාන්තාව සම්බන්ධයෙන් පී.සී.ආර්. පරික්ෂණ තුනක් සිදුකිරීමෙන් අනතුරුව ඇය කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු කරගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
අද (04දා) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කළාය.
“කොවිඩ් රෝගය මර්දනය කරන්න පසුගිය කාලයේ ලබාදුන් සහාය නැවත ලබාදෙන්න. සමාජය තුළින් මතු වෙලා තිබෙනවා. ලෝකයෙන් නැවත මතුවෙලා තිබෙනවා.
නැවත අපිට රෝගියෙක් හමුවෙලා තිබෙනවා. අපි ඉල්ලා සිටින සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. මීටරය, මුඛ ආවරණ, අත්සේදීම වැනි සෞඛ්‍ය පුරුදු නැවත සිදුකරන්න.
එක රෝගියයි හමුව තිබෙන්නේ එය මර්දනය කරන්න සහාය දෙන්න. අනෙක් රටවල් වගේ නෙමෙයි ලාංකික ජනතාව අපට සහාය දුන්නා. මෙය හුස්ම ගැනීමෙන් පවා බෝවන ලෙඩක්.
සංගීත සංදර්ශන, ප්‍රිය සම්භාෂණ නවතා දැමීමට සලකා බැලිය යුතුයි. අපි මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. එය ඉතාම තදින් සෞඛ්‍ය අංශ මගින් නැවත පරික්ෂණයට ලක්කරනවා.
යම්කිසි උණක් රෝග ලක්ෂණයක් තිබෙනවානම් එම ප්‍ර දේශයේ තිබෙන ප්‍රධාන රෝහල්වලට ඇතුළත් වෙන්න.
අපි අහඹු ලෙස ලබාලත් නියැදියක තමයි ඇයට කොවිඩ් ආසාදනය වි ඇති බවට වාර්තා වුණේ. අපි තුන් පාරක් පරීක්ෂා කිරීමෙන් පසුව තමයි ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු කර ගත්තේ.
ඉතාම තදින් අප නැවත කොවිඩ් මර්දනය කිරීමට සියලු පියවර ගන්නවා . ඒ සඳහා ජනතාවගේ සහාය ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා”