එක්සත් ජනපදයේ රෝහලක කොවිඩ්-19 සමග පොරබදිමින් සිටින විශ්‍රාමලත් සංගීත ගුරුවරයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීම වසංගතය හමුවේ සුවිශේෂී කාර්යභාරයක යෙදෙන සෞඛ්‍ය සේවකයන්ට උපහාරයක් ලෙස වයලීනය වාදනය කරමින් සිය කෘතඥතාව පළ කර තිබේ.
උටාහ් ප්‍රාන්ත රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ පවතින ආතතිය දුරලමින්, තමාගේ සැබෑ ආසාව වෙත යොමුව සිටින ග්‍රෝවර් විල්හෙල්ම්සන් නමැති මෙම විශ්‍රාමලත් ගුරුවරයා තමාගේ සෞඛ්‍ය රැකීමට යොදා ඇති වෛද්‍ය මෙවලම් හේතුවෙන් කතා කිරීමට නොහැකි වුවත්, සංගීතයෙන් රෝහල් කාර්ය මණ්ඩලය මුසපත් කර ඇත.
එහිදී 70 හැවිරිදි වියේ පසුවන මෙම රෝගියා හෙදියක් සමග සන්නිවේදනය කිරීම සඳහා පෑන සහ කඩදාසි භාවිත කර ඇති අතර, ඔහුගේ ඉල්ලීම් අතර සුවිශේෂී ඉල්ලීමක්ද වූ බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.
"ඔබ දන්නවා මම ඇත්තටම මගේ වාදන භාණ්ඩ මෙහි සිට වාදනය කිරීමට කැමතියි. බිරිඳට කියල මගේ වයලීනය සහ වියෝලාව ගෙන්වා ගත්තොත් කොහොමද?" එහි සටහන්ව තිබූ බව කියයි.
ඒ අනුව ඔහුගේ මෙම ඉල්ලීමට වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලැබී ඇති අතර, අවසානයේ ඔහුගේ කැමැත්ත ඉටුකර දීමට හැකි වීමෙන්, එය රෝහල් කාර්ය මණ්ඩලයටද සුවිශේෂී අත්දැකීමක් බවට පත්ව ඇත.