මධ්‍යම පළාතේ සෞඛ්‍ය උපස්ථායක පත්විම ලද 80 දෙනෙකුට පමණ මැතිවරණ සමය තුළදි මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පුහුණු පාඨමාලාවන් පවත්වනු ලැබු කඩුගන්නාව ප්‍රාදේශිය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය අද (22) මැතිවරණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් විසින් සෝදිසි කිරිමකට ලක් කෙරිණි.
එහිදි අනාවරණය වුයේ මධ්‍යම පළාත් සොඛ්‍ය කේෂේත්රයේ කම්කරුවන් ලෙස සේවයේ නියුතු අය සදහා උපස්ථායක පත්විම් පසුගිය අප්‍රේල් මස දි ලබා දි ඇති බවත් එම පත්වීම්ලාභින් සදහා කඩුගන්නාව ප්‍රාදේශිය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේදි මාස තුනක පාඨමාලාවක් අද දින ආරම්භ කල බවය.
එහිදි කඩුගන්නාව ප්‍රාදේශිය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයා විසින් මැතිවරණ කාල සිමාව තුළදි මෙම පුහුණු පාඨමාලා සදහා අවසර නොගෙන ඇති අතර සාමාන්‍ය ලෙස එහි පුහුණු වැඩසටහන් පවත්වන බැවින් හා මෙහි දේශපාලන මැදිහත්විමක් සිදුනොවන නිසා මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් අවසර ගැනිමක් අවශ්‍ය නොමැති බැවින් සාමාන්‍ය ලෙස පුහුණු පාඨමාලා පවත්වන්නට යෙදුණු බව මැතිවරණ විමර්ශන නිලධාරිවරයා හට කඩුගන්නාව ප්‍රාදේශිය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයා පැවැසිය.
එහිදි මැතිවරණ රාජකාරියේ නියුතු විමර්ශන නිලධාරිවරයා විසින් මෙහි ඇති ගැටලුකාරි තත්ත්වය පැහැදිලි කරමින් මැතිවරණ කාල සීමා තුළදි මෙහි පැවැත්වෙන පුහුණු පාඨමාලා සදහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් අවසර ගැනිමක් සිදු කර මෙවන් පුහුණු වැඩසටහන් පවත්වන ලෙස දැනුවත් කළේය.
චමිල් රූපසිංහ