ලොව පුරා Covid-19 වෛරසය පැතිරීම හේතුවෙන් වෛරසය ආසාදිත වූ රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින වකවානුවක ආයතනික සමාජ වගකීම් භාර ගැනීමට සහ වසංගතයෙන් පීඩාවට පත් වූවන්ට ගෝලීය පරිමාණයෙන් ආධාර සැපයීමට තායිවානයේ “Want Want Group” සංවිධානය කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ මැදිහත්වීම යටතේ “Want Want Group” සංවිධානය විසින් සුළු ආම්ලික හයිපොක්ලෝරස් අම්ල ජල උත්පාදක යන්ත්‍ර (Hypochlorous Acid Water generators) 06 ක් සහ විද්‍යුත් විච්ඡේදක බෝතල් (electrolyte bottles) 108 ක් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත බාරදීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
“Want Want Group” සංවිධානයේ සභාපති ට්සයි එන්ග්-මෙං මහතාගෙන් ලද පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත බාර දෙන ලද්දේ මෙරට ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා විසිනි.
පරිත්‍යාගය බාර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්යත්යතුමිය කියා සිටියේ “කොවිඩ්-19 වෛරසය සාර්ථකව පාලනය හා මැඩලීම සදහා රජය කටයුතු කළ ද ඉදිරි ආරක්ෂිත වැඩපිළිවෙල සදහා “Want Want Group ” සංවිධානය විසින් ලබා දුන් ආධාර පිළිබඳව රජය හා ජනතාව වෙනුවෙන් තමා පෞද්ගලිකව ස්තූතිය පුද කරන බවයි.
දෙරට අතර පවතින සහයෝගීතාවය ඉදිරියටත් පවත්වා ගැනීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදි පැවැසීය.
ජලයේ විෂබීජනාෂණය සදහා යොදා ගන්නා සුළු ආම්ලික හයිපොක්ලෝරස් අම්ල ජල උත්පාදක යන්ත්‍ර මෙරට ප්‍රධාන රෝහල් හයක් වන ජාතික බෝවන රෝග රෝහල, ජාතික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, කොළඹ නැගෙනහිර මහ රෝහල, ඉරණවිල නව රෝහල සහ රත්නපුර මහ රෝහල යන රෝහල්වල ස්ථාපනය කිරීමට අපේක්ෂා කෙරේ.
ජපානයේ කිටාසැටෝ විශ්ව විද්‍යාලයේ ජීවිත විද්‍යා අංශයේ මහාචාර්යවරයෙක් වසර ගණනාවක් තිස්සේ කළ පර්යේෂණවලින් හෙළිව ඇත්තේ හයිපොක්ලෝරස් (Hypochlorous) අම්ලය (HCIO) ව්‍යාධිජනක බැක්ටීරියා වලට එරෙහිව අතිශයින්ම ඵලදායී ලෙස ක්‍රියා කරන බවයි. ජලයේ වන විෂබීජ නාශක සංඝටකය වන්නේ හයිපොක්ලෝරස් අම්ලය (HCIO) යි. තායිවානයේ “Want Want Group” සමාගම මෙම රසායනික සංයෝගයේ අද්විතීය ලක්ෂණය හඳුනාගෙන ජලයේ ඇති විෂබීජ හරණය කරන ද්‍රාවණය නිපදවීම සඳහා අවශ්‍ය උපකරණ ජපානයෙන් ආනයනය කිරීමට කටයුතු කොට ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වර්තමානයේ කෝවිඩ් -19 පැතිරී යාම ඇතුළුව ස්වාභාවික ව්‍යසනයක් හෝ ගෝලීය වසංගත තතත්වයන් හමුවේ මෙම අත් සෝදන දියර සැපයීමට සංවිධානය කටයුතු කරනු ලබයි. මෙය කොවිඩ් -19 වෛරසයට එරෙහිව විෂබීජ නාශකයක් ලෙස ඔප්පු කර ඇති ක්ලෝරීන් පදනම් කරගත් විසඳුමකි.
මෙම රසායනික සංයෝගයේ pH අගය 5.0 සිට 6.5 දක්වා පරාසයක පවතින බවත්. සංයෝගය වර්ණ රහිත, ක්ලෝරීන් වල සුළු සුවඳක් ඇති, රසායනික අපද්‍රව්‍ය නොමැතිව දූෂණයෙන් තොර බව ද එම සංවිධානය පවසයි. ගන්ධය දුරු කරන ආරක්ෂිත ද්‍රවයක් වන අතර එය අතිශයින්ම ලාභදායී සහ පහසු බවත්, මෙම රසායනික සංයෝගය නල ජලය සදහා එක් කළ හැකි බවත්, මිල අධික අත් සේදුම් සනීපාරක්ෂක දියර වෙනුවට ආදේශකයක් ලෙස භාවිත කළ හැකි බව ද පෙන්වා දෙයි. එමෙන්ම පුළුල් පරාසයක වස්තූන් මත මෙන්ම සමස්තයක් ලෙස විවිධ පාරිසරික සැකසුම් මත යෙදිය හැකි වීම ද විශේෂත්වයකි. මෙම ක්‍රමවේදය Water Guard ලෙස ද හදුන්වයි.
මෙම අවස්ථාවට අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් එස්.ඒ.ඡේ කරුණාතිලක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.