බදුල්ල, උතුරු, නැගෙනහිර හා දකුණු යන දුම්රිය මාර්ගවල ඉදිරි වසර පහක කාලයක් සඳහා සංචාරක කටයුතු සඳහා බදු පදනම මත සුඛෝපභෝගී මගී මැදිරි ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව එම සේවාවන් ක්‍රියාත්මක කිරීමට අදාළව කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට ලංසු කැඳවීමට අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණි.
මහනුවර මාර්ගයේ මේ වන විට සුඛොපභෝගී මගී මැදිරි සේවාව ක්‍රියාත්මකවෙයි.
එබැවින් මගි අවශ්‍යතා හා වත්මන් ඉල්ලුම සැලකිල්ලට ගෙන ඉහත කී මාර්ගවලද සුඛෝපභෝගී මැදිරි සේවාවන් ක්‍රියාත්මක කිරිමට නියමිතය.
සංචාරක කටයුතු සඳහා බදු පදනම මත දුම්රිය සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබාදුන්නේය.