අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට සංශෝධන හඳුන්වා දී නිශ්චිත අවස්ථාවන් යටතේ සැකකරුවෙකු/ චූදිතයෙකු අධිකරණය ඉදිරියේ පෙනී සිටීමේ අවශ්‍යතාව ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම පුද්ගල නාෂක බිම් බෝම්බ භාවිතය, තොග රැස්කිරීම, නිෂ්පාදනය හා හුවමාරුව තහනම් කිරීම සඳහා වූ 'ඔටාවා' සම්මුතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පනතේ කෙටුම්පතද කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
පුද්ගල නාෂක බිම් බෝම්බ භාවිතය, තොග රැස්කිරීම, නිෂ්පාදනය හා හුවමාරුව තහනම් කිරීම සඳහා වූ ඔටාවා සම්මුතිය 2017 දෙසැම්බර් 13 වැනිදා පිළිගෙන තිබේ. එම සම්මුතිය මෙරට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පනතේ කෙටුම්පත කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර ඇති බවද වාර්තා විය.