පුල්මුඩේ ප්‍රදේශයට නුදුරු මුහුදේදී සැකකටයුතු ධීවර යාත්‍රාවක් සහ ධිවරයින් හතර දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
පුල්මුඩේ ප්‍රදේශයට නුදුරු මුහුදේ මුර සංචාරයේ යෙදි සිටි නාවික යාත්‍රාවක් මගින් අයත් ධීවර යාත්‍රාවන් සෝදිසි කරන අතරතුර සැක කටයුතු ලෙස හැසිරුනු ඩිංගි වර්ගයට අයත් ධීවර යාත්‍රාවක් සෝදිසි කිරිමට උත්සාහ කිරීමේදී නාවික හමුදාවේ අණ නොතකා පලා යාමට එම ධීවර යාත්‍රාව උත්සහ කර ඇත.
එහිදී, නාවික හමුදා ක්‍රමවේදයට අනුව පලා යමින් සිටි සැක කටයුතු ධිවර යාත්‍රාව වෙත අවවාදාත්මක වෙඩි පහර එල්ල කිරීමෙන් පසු ඉහත සැක කටයුතු යාත්‍රාව නවත්වා ගැනීමට නාවික හමුදාව සමත් විය.
යාත්‍රාව පරික්ෂා කිරිමේදි එහි වලංගු ධීවර බලපත්‍රයක් හෝ වෙනත් නීත්‍යානුකූල ලියකියවිලි , ධිවර ආම්පන්න හෝ අනන්‍යතාව පැහැදිලි කළ හැකි කිසිදු ලේඛණයක් ඉදිරිපත් කිරීමට එහි ගමන් ගත් පුද්ගලයින් අසමත් වී ඇති අතර ඔවුන් සතුව තිබි රුපියල් පනස් දහසක් වටිනා දේශිය මුදල් ද සොයා ගැනිමට නාවික හමුදාව සමත් විය.
නාවික හමුදා බාරයට පත් සැකකරුවන් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කුච්චවේලි පොලීසියට භාර දී තිබේ.