සංහිඳියාව ඇති කිරීමට කෙටික්‍රම නෑ
හමුදා සෙබළුන් අත්අඩංගුවට ගෙන කෙටි ක්‍රම තුළින් රට තුළ සාමය හා සංහිඳියාව ඇති කළ නොහැකි බව විශ්‍රාමික හමුදාපති දයා රත්නායක මහතා සඳහන් කළේය.
ඒ සඳහා සියලු දෙනා කැපකිරීම් සිදුකළ යුතු බවත්, හමුදා සෙබළුන් වරදක් කර ඇත්නම් ඒ සඳහා දඬුවම් කිරීම ක්‍රමවේදයකට සිදුකළ යුතු බවත් අද (20දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
තිස් අවුරුදු යුද්ධය අවසන් කළේ ආරක්ෂක අංශ සාමාජිකයන් තිස්දහසක් ජීවිත පූජා කර, හතළිස්දහසක් ශරීර කොටස් පූජා කර, ලක්ෂ ගණන් දායකත්වය ලබාදීමෙන් බවද විශ්‍රාමික හමුදාපතිවරයා කියා සිටියේය.
මේ වන විට යුද හා නාවික හමුදා නිලධාරීන් 15ක් හා සෙසු නිලයන්වල පිරිස් 35ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, යුද හමුදා සාමාජිකයන් 704කින් ප්‍රකාශ ලබා ගෙන තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
rocky Thursday, 21 February 2019 06:10 AM
ඇයි නැත්තේ? "කනට පාරක්" වගේ එන්.ජී.ඔ. කාරයන්ගේ ගුවන්විදුලි නාට්‍ය උදේ හවස පොරචාරය කොරන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
