සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දි තිබේ.
කැබිනට් මණ්ඩල නිර්දේශ අනුව එම කටයුතු වහාම ආරම්භ කරන ලෙසද ඇමතිවරයා උපදෙස් දි තිබේ.
රාජ්‍ය බැංකු ප්‍රධානීන්, සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා අමාත්‍යාංශ ලේකම්වරයා සමග ඊයේ (10) පැවති විශේෂ සාකච්ඡාවකදී ඇමතිවරයා මේ උපදෙස් ලබා දි තිබේ.
සාකච්ඡාව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ආමාත්යංශයේදි පැවැතිවිණ.
රාජ්‍ය බැංකු ප්‍රධානීන් මෙහිදී කියාසිටියේ කැබිනට් මණ්ඩල අනුමැතිය මුදල් අමාත්‍යංශය හරහා තමන්ට ලැබුණු වහාම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවයි. ඊට අමතරව සංචාරක සංවර්ධන අධිකාරිය හරහා මාර්ගෝපදේශකයන් සහ සංචාරක රථ රියදුරන්ට ලබා දෙන දීමනාව ගෙවීමට අදාල ඉදිරි කටයුතු සිදු කිරීමටද මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරිණ.
කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන කැබිනට් පත්‍රිකාව ඊයේ (10) අනුමත විය.
අදාල කැබිනට් පත්‍රිකාව අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් , වාසස්ථාන , ගමනාන්ත කළමණාකරණ සමාගම්,මාර්ගෝපදේශකයන් රියදුරන්ට මෙම සහන හිමිවනු ඇත.
