එළඹෙන 07 වැනිදා දක්වා බලපැවැත්වෙන සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව කොවිඩ් මර්දන කාර්ය සාදන කමිටුව මගින් තීරණය කිරීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා සෞඛ්‍ය අංශවල උපදෙස් අවධානයට ගැනෙන බව හෙතෙම පැවසීය.
දිවංගත රෙජී රණතුංග මහතාගේ ගුණ සැමරීමේ අවස්ථාවවට මිනුවන්ගොඩදී අද (31දා) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.