www.ada.lk
2026 අගෝස්තු මස 25 වන අඟහරුවාදා
අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.එච්. පරදා ලකුනු 40-37 ක තියුනු ජයක් වාර්තා කිරිමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත්විය. කොළඹ හැව්ලොක් පිටියේදී මෙම තරගය පැවැත්විණි. තරගෙය් පළමු අර්ධයද ඉතා තියුනු ස්වාභාවයක් ගත් අතර හැව්ලොක් ක්‍රීඩකයින් මුලින් ලකුණු රැස් කළද, සී.එච්. ක්‍රීඩකයින් එයට දැඩි සටනක් ලබා දීම කැපී පෙණින. ඒ අනුව පළමු අර්ධය නිමා වූයේ ලකුනු 20-17 ක් ලෙස සී.එච්. ඉදිරියෙන් සිටිමිනි. තරගයේ අවසන් භාගයේදී සී.එච්. ක්‍රීඩකයෝ ජයග්‍රහණයට දැඩි උත්සාහක් ගත්තද ඔවුන්ගේ ප්රවර්ථන කිහිපයක් නිවැරදි එල්ලයට එල්ල කළ නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ ජයග්‍රහණය වැලකී ගියේය. ජයග්‍රාහී හැව්ලොක් ක්‍රීඩකයින් ගෝල දිනුම් 4 ක් හා දඩුවම් පහර 3 ක් ආධාරයෙන් ලකුණු රැස් කළ අතර සී.එච්. ක්‍රීඩකයික් ගෝල දිනුම් 2ක්, උත්සාහක දිනුම් 4 ක් හා දඩුවම් පහරක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
තෙල් මිල පහළට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
නන්දා මාලනී දිවිසැරිය නිම කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd