චීනයේ ෂැංහයි පුඩොං ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවකයන් තිදෙනෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ කාර්ය මණ්ඩලය සඳහා න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ සිදුකිරීම කඩිනමින් අරඹා තිබේ.
ඒ අනුව ගුවන් තොටුපොළේ වාහන නැවැත්වීමේ ස්ථානයක කඩිනමින් පිහිටවූ තාවකාලික සෞඛ්‍ය මධ්‍යස්ථාන යොදාගනිමින් සියලු සේවකයන් හා කාර්ය මණ්ඩල පරීක්ෂා කරන බව සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් චීන මාධ්‍ය පෙන්වා දෙයි.
මීට පෙර දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ කොවිඩ්-19 ආසාදිතයන් දෙදෙනෙකු ඉරිදා ෂැංහයි නුවරින් වාර්තා වූ අතර, ඔවුන් දෙදෙනාම කලින් තහවුරු කළ සිද්ධීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බව ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
රෝගීන් දෙදෙනා වාසය කරන නගරයේ පුඩොං දිස්ත්‍රික්කයේ නේවාසික ප්‍රජාවක් මධ්‍යම අවදානම් කොවිඩ්-19 සම්ප්‍රේෂණ ප්‍රදේශයක් ලෙස ලැයිස්තුගත කර ඇත. ගුවන් තොටුපොළෙන් වාර්තා වූ සිද්ධීන්ද මේ හා සම්බන්ධයක් ඇතැයි විශ්වාස කෙරෙයි.
එහිදී මෙම ආසාදිතයන් දෙදෙනා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 52 දෙනෙකු සොයාගෙන ඇති බවත්, ඔවුන් පරීක්ෂාවන්ට ලක්වන බවත් සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව, උතුරු චීනයේ ටියැන්ජින් මහ නගර සභාවේ බින්හයි ප්‍රදේශයේ සෙනසුරාදා 1,030,000කට අධික පිරිසක් කොවිඩ්-19 සඳහා න්‍යෂ්ටික අම්ල පරීක්ෂණයකට භාජනය කළ බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.
සෙනසුරාදා, ටියැන්ජින් විසින් දේශීයව සම්ප්‍රේෂණය කරන ලද නව කොවිඩ්-19 ආසාදිතයෙකු වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන තිබේ.
එසේම සිකුරාදා, එවැනි සිදුවීම් 5ක් වාර්තා කර ඇති අතර, මීට පෙර කන්හයික්සුආන් නේවාසික ප්‍රජාවේ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 4 දෙනෙකු සොයාගෙන තිබේ. ඒ අනුව සිකුරාදා අලුයම සිට එම ප්‍රදේශය කොවිඩ්-19 අවදානම් ප්‍රදේශයක් ලෙස වර්ගීකරණය කර ඇති බව චීන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.