අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් අද (21දා) දින ඉවත්කර තිබේ.
ඒ අනුව ඒ මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර නිලධාරියා ලෙස පත්කර යවා ඇත.
ජාතික පොලිස් කොමිසම විසින් මෙම තීරණය ගෙන තිබෙන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ තනතුරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පත්කිරීමට නියමිතව තිබේ.