ශ්‍රි පාද රක්ෂිතය අවට තේ වතු ආශ්‍රිතව වෙසෙන කොටියන් සහ දිවියන් රැකගැනිමේ වැඩසටහනක් වනජිවි දෙපාර්තුමේන්තුව විසින් අද (13) දින ආරම්භ කරනු ලැබුහ.
නල්ලතන්නිය වනජිවි කාර්යාලය මගින් සංවිධානය කර තිබු මෙම වැඩසටහන අද (13) දින ලක්ෂපාන තේ කර්මාන්ත ශාලාවේදි පැවැත්විණ.
ලක්ෂපාන , මරේ , ස්තැස්පි යන වතුවල වතුපාලන අධිකාරිය සහ වතු කම්කරුවන් සහභාගි කර ගනිමින් මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සිදු කරනු ලැබුහ.
තේ වතු ආශ්‍රිතව ඇතැම් පිරිස් සතුන් දඩයම් කිරිම සදහා අටවනු ලබන මදු හේතුවෙන් පසුගිය කාලය තුල ශ්‍රි ලංකාවට පමණක් ආවේණික වු වද විමේ අවධානමට ලක් වි ඇති පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියන් සහ දිවියන් විශාල ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත් වු අතර තවත් කොටියන් සහ දිවියන් කිහිපදෙනෙකු මදු වලට හසු වි සිටියදි වනජිවි නිලධාරින් විසින් බේරා ගනු ලැබුවා.
ඇතැම් වතු කම්කරුවන් තේ වතු ආශ්‍රිතව සතුන් දඩයම් කිරිම සදහා දැනට අටවා ඇති මදු ගලවා ඉවත් කිරිමට වතුපාලන අධිකාරියේ සහයෝගය ලබා ගැනිමටත් , තේ වතු ආශ්‍රිතව සැරිසරන වනසතුන් දඩයම් කිරිමට නිතිවිරෝධි ක්‍රම භාවිතා නොකරන ලෙසට වතු කම්කරුවන්ව වතු පාලන අධිකාරිය හරහා දැනුවත් කිරිමටත් වනජිවි නිලධාරින් කටයුතු කලහ.
තේ වතු ආශ්‍රිතව ඇතැම් පිරිස් විසින් සතුන් දඩයම් කිරිම සදහා අටවා තිබු මදු කිහිපයක්ද නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් පසුගියදා ගලවා ඉවත් කර එම මදු සම්බන්ධයෙන්ද පැමිණි සිටි පිරිස දැනුවත් කිරිමට වනජිවි නිලධාරින් කටයුතු කර තිබුණි.
රක්ෂිතවල සහ තේ වතු ආශ්‍රිතව සැරිසරන වන සතුන් දඩයම් කිරිමෙන් අධිකරණය හමුවේ වැරදිකරුවෙකු වන අයෙකුට ලැබෙන දැඩි දඩුවම් සම්බන්ධයෙන්ද වනජිවි නිලධාරින් පැමිණි සිටි පිරිස දැනුවත් කරනු ලැබුවා.
වනජිවි දෙපාර්තමේන්තුව මගින් දියත් කර ඇති මෙම වැඩසටහන වතුකරය පුරා ඉදිරි දින කිහිපය තුලදි ක්‍රියාත්මක කරන බවයි මධ්‍යම පළාත් සහකාර වනජිවි අධ්‍යක්ෂක ගාමිණි වික්‍රමතිලක මහතා කියාසිටියේ.
මෙම වැඩසටහනට වනජිවි දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ජි.ඒ.ප්‍රසාද් , වනජිවි දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ පුහුණු අධ්‍යක්ෂක ප්‍රසන්න විමලදාස , හිටපු වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල් අචාර්ය සුමිත් පිලපිටිය සහ ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරින් සහ මස්කෙලිය වැවිලි සමාගමේ වතු පාලන අධිකාරියේ නිලධාරින් රැසක් සහභාගි වි සිටිහ.