ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු රැගත් ධීවර යාත්‍රාවක් අද (11දා) ජාත්‍යන්තර මුහුදු කාලාපයේ කාර්මික දෝෂයකට ලක්ව ඇති බවත් ඔවුන් මුදවා ගැනීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.
කාර්මික දෝෂයට ලක් වූ අදාළ යාන්ත්රාව ත්‍රිකුණාමලය නැගෙනහිර මුහුදු සීමාවේ සිට මුහුදු සැතපුම් 295ක දුරකින් තිබෙන බවත් යාත්‍රාව මුදාගැනීම සඳහා මේ වන විට අදාළ යාන්ත්රාවේ හිමිකරුගේ තවත් යාත්‍රාවක් යොමු කර ඇති බවත් සඳහන් කරයි.
මෙම ධීවර යාත්‍රාව අද (11දා) උදෑසන බේරුවල ප්‍රදේශයෙන් තම ධීවර කටයුතු සඳහා ගොස් ඇත් බවත් එම යාත්‍රාව පිළිබඳ ඉන්දුනීසියාව, අන්දමන් දූපත් සහ මාලදිවයින් වෙරළාරක්ෂක බලධාරීන් දැනුවත් කොට ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.