ශ්‍රී ලංකාවට චීනයෙන් රු බිලියන 16.5 පරිත්‍යාගයක්
ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ආරථික හා තාක්ෂණික සහයොගීතා ගිවිසුම යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 600ක (රුපියල් බිලියන 16.5) ප්‍රදානයක් ලබාදී තිබේ.
ඒ සඳහා වන ගිවිසුමට පසුගිය 09 දා ශ්‍රී ලංකාවට පැමිණි චීන නියෝජිත කණ්ඩායමේ සිටි චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ඒජන්සියේ සභාපති වැන්ග් ෂිඕටාඕ මහතා හා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්යාංංශ ලේකම් අතර අත්සන් තැබිණි.
මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට වඩාත්ම අවශ්‍ය සහායක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙනුවෙන් ජනාපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් චීනයට සිය ස්තූතිය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මම ප්රදානය කොවිඩ් 19 තත්ත්වයෙන් පසුව ශ්‍රී ලංකාවේ ග්‍රාමීය අංශ තුළ සෞඛ්‍ය, අධ්‍යාපනය හා ජල සැපයුම අය ක්ෂේත්රයන් වෙනුවෙන් යොදා ගැනිමට නියමිතය.
චීන ප්‍රදාන යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන තවත් ප්‍රධාන ව්‍යාපෘති දෙකක් වන පොලොන්නරුවේ ඉදිකරන ජාතික වකුගඩු රෝහල හා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ ඉදිකිරීම් කොවිඩ් 19 වසංගත තතත්තවය යටතේ පවා ඉදිරියට යෑම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව පැමිණි චීන නියෝජිත පිරිසේ ප්‍රධානියා වූ යැංග් ජියෙිචි මහතා වෙත පැහැදිලි කළේය.
popular news
-
Demuni Uduwara Sunday, 11 October 2020 09:19 PM
Then, prestigious country. Today, a beggar to the world. Tomorrow, become a colony. We ourselves should be cursed as we were cheated and voted carelessly.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

