ශ්‍රී ලංකා පොලීසිය සඳහා ජීප් රථ 750 ක් මිලදී ගැනීමට අදාළව ඉදිරිපත් කළ යෝජනාවකට ඊයේ (31දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත සපයනු ලබන සේවාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය වෙත ජීප් රථ 600 ක් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත ජීප් රථ 150ක් ඉන්දියානු අරමුදල්හි සහාය යටතේ මිලදී ගැනීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
