ශ්‍රි ලන්කන් ගුවන්සේවය ලයිකා සමාගමට විකිණිමේ සුදානමක්?
ශ්‍රි ලංකාවේ ජාතික ගුවන් සේවය ඉදිරි සතිය තුළ තීරණාත්මක සන්ධිස්ථානයකට මුහුණ දෙන බවත් , ඒ අනුව ශ්‍රි ලන්කන් ගුවන් සේවය ලයිකා මොබයිල් ආයතනය වෙත විකුණා දැමීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් , ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා පැවසීය .
ඒ මහතා මෙසේ පැවසූවේ අද (4) දින කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට ඉම්පීරියල් හෝටලයේ පෙරවරුවේ පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙම ප්රවෘත්ති සාකච්ඡාව සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නිලධාරීන් මෙන්ම , ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ වෘත්තීය සමිති නිලධාරීන් ද එක් වී සිටියහ
මේ සඳහා මූලික පියවරක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින විවිධ දෙපාර්තමේන්තු අතරින් , වඩාත්ම ලාභදායී දෙපාර්තමේන්තු දෙක වන ශ්‍රී ලංකා කේටරින් සහ සේවා අංශය ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඉවත් කර ඒවා ලයිකා මොබයිල් ආයතනයට විකුණා දැමීමට පිඹුරුපත් දැනට සකසා ඇති බවත් , මේ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකම්ම ඇඳ වැටී බංකොලොත් වන බවත් සභාපතිවරයා පැවසීය .
එමෙන්ම මේ වනවිට ලයිකා මොබයිල් ආයතනයද දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිටින වඩාත් අත්දැකීම් සහිත ගුවන් සේවා නිලධාරීන් පිරිසක් ද තම ඉදිරි සේවා කටයුතු සඳහා බදවා ගෙන ඇති බව ද හෙළිදරව් කළේය .
මෙම ගණුදෙනුව පිටුපස 1998 දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය එමිරේට්ස් සමාගමට විකුණා දැමීම සඳහා මුල් වූ රටේ උසස්ම තනතුරක් දැරූ කාන්තාවක් මෙන්ම , වත්මන් මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයකු ද සිටින බවද සභාපතිවරයා අනාවරණය කළේය .
වර්තමාන රජය ශ්‍රී ලන්කන් ගුවන් සේවය රැකගැනීම සහ දියුණු කිරීම සඳහා කිසිවක් නොකළ බවත් , ඒ වෙනුවට පසුගිය රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් සිටීම පමණක් සිදු කළ බවත් පැවසීය .
මේ නිසා පසුගිය වසර 10 ක කාලය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලැබූ අලාභය රුපියල් බිලියන 85 ක් බවත් , එහෙත් වත්මන් රජය යටතේ මෙම පසුගිය වසර 4 ක අලාභය රුපියල් බිලියන 100 ක් බවත් පැවසීය .
කටුනායක - ටි. කේ.පි කපිල

popular news
-
Champa Thursday, 04 April 2019 04:31 PM
හොඳයි වැඩේ. වහල් ආණ්ඩුව කොටියටයි විදෙශිකයන්ටයි රටේ ඉතුරු ටිකත් ආයතන ටිකත් විකුණන්න යනවා. ශ්‍රී ලංකා කේටරින් සහ සේවා අංශය බාර දෙන්න ඕනේ ලංකාවේ මුල තියෙන දේශීය ආයතනයකට මිසක් ලන්ඩන් නගරයේ තැපැල් කන්තෝරුවල පවා කොටි කළු සල්ලි තැන්පත් කරපු සුභාෂ්කරන් කොටියාගේ ලයිකා මොබයිල් සමාගමට නෙමෙයි. මේ සමාගම blacklist කරන්න ඕනේ සමාගමක්. මේවට ඉඩ දුන්නු ඔක්කොම හිරේ දාන්න ඕනේ.
Reply : 0 0
rocky Thursday, 04 April 2019 07:02 PM
ඕක හූරගන කාපු එවුන්ට හෙන වත් වදින්නේ නැද්ද? විකුනන්නේ නැතුව ජනතාවගේ මුදල් ගිලින මකර කටක් වැනි ඔය ආයතනයෙන් ඇති වැඩේ මොකද්ද? විකුනන්න බැරි නම් නිකම් හරි දීලා දාන්නයි තියෙන්නේ ! රාජපක්සල මස්සිනාලා. පුතාල උන්ගේ හුරතලියෝ ඔක්කොම එකතුවෙලා ලස්සනට වැඩේ දීලා දැන් සුදනෝ වෙන්න හදනවා!! උන් මේ රටේ රීරි මාන්සේ උරා බීලා දේශානුරාගය දෙසනවා!!
Reply : 1 0
lucky Thursday, 04 April 2019 09:36 PM
පළමුව කටෙරින් දෙවනුව කාගෝ තුන්වුන්ව ඓර්පොර්ට් ග්රුන්ඩ් සේවාවන් අහස්යන්ත්ර බිම /ගුවන් සවිකාවන් බිම / උපරිම ලබ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

