ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කරයි
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන හැටන් දිඹුල පතන ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨය අද (11) දින සිට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත.
එම විද්‍යා පිඨයේ අධ්‍යාපන ලැබු ගුරු පුහුණුව ලබමින් සිටි සිසු සිසුවියන් 582 කට අද දින සිට නිවාඩු ලබා දි ඇත.
නිවාඩු ලබාදුන් එම විද්‍යා පිඨයේ සිසු සිසුවියන්ට ඔවුන් පදිංචි ආසන්නම නගර දක්වා බස් රථ මගින් ප්‍රවාහන පහසුකම් ලබා දුන් අතර, විද්‍යා පිඨයට ආසන්නයේ පදංචි එම විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් ගුරු සිසු සිසුවියන්ගේ දෙමවුපියන් විසින් පෞද්ගලික වාහන වලින් එම සිසු සිසුවියන් නිවස වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබුහ.
ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨයේ නිල නිවාසවල පදිංචි ආචාර්යවරුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයටද තාවකාලිකව විද්‍යා පිඨයෙන් ඉවත් වන ලෙස යුධ හමුදාව විසින් උපදෙස් ලබා දි ඇත.
ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨය තුල 250 දෙනෙකුට පමණ නිරෝධායන සදහා පහසුකම් සලසා ඇති බවයි එම විද්‍යා පිඨයේ නිරෝධායන මධ්‍යස්ථානය භාරව කටයුතු කරන යුධ හමුදා නිලධාරින් කියා සිටියේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

