ශ්‍රි පාද විද්‍යා පිඨයේ ගුරු අභ්‍යාස සිසුහු පන්ති වර්ජනයක
හැටන් පතන ශ්‍රි පාද අධ්‍යාපන විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යසලාභි සිසුන් එම විද්‍යා පිඨය තුළ අද (06) පන්ති වර්ජනය කරමින් විරෝධතාවයක නියැළුණි.
අද උදැසන සිට එම විද්‍යා පිඨයේ ප්‍රධාන ගේට්ටුව අභියස සිට සිසුහු විරෝධතාවයේ නියැලි සිටිති .
එම විද්‍යා පිඨයේ රොජිස්ටාර්වරයා ස්ථාන මාරු කරන ලෙස බල කරමින් මෙම ගුරු අභ්‍යාසලාභි සිසුහු විරෝධතාවය දක්වති.
එම විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය අපිරිසිදුව පවත්වාගෙන යාම නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම මුළුතැන්ගෙය තාවකාලිකව (05) දින සිට වසා දැමිම නිසා තමන්ට ආහාර පාන නිසි වේලාවට නොලැබෙන බවත්, එවන් තත්ත්වයත් මත සිටියදි (05) දින රාත්‍රියේ රෙජිස්ටාර්වරයා ඇතුළු එම විද්‍යා පිඨයේ අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ පිරිසක් (05) දින රාත්‍රියේ විද්‍යාපිඨය තුළ මත්පැන් සාදයක්ද පැවැත්වු බවයි විරෝධතාවය දක්වන විද්‍යාපිඨයේ අභ්‍යාසලාභි සිසුහු කියා සිටියේ.
රෙජිස්ටාර්වරයා සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ නිලධාරින් පිරිසක් සහ ගුරු අභ්‍යාස ලාභි සිසුන් අතර (05) දින රාත්‍රියේ විද්‍යාපිඨය තුළ ඇති වු නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිමට දිඹුල පොලීසියේ නිලධාරින්ට සිදු විය.
එම විද්‍යා පිඨයේ අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ නිලධාරින්ගේ ආරක්ෂාව උදෙසා රෙජිස්ටාර්වරයා සහ තවත් නිලධාරින් කිහිපදෙනෙකු අද (06) අලුයම තෙක් දිඹුල පොලීසියේ රදවා තබා ගැනිමට ද පොලිස් නිලධාරින්ට සිදු විය.
මේ සම්බන්ධයෙන් අප එම විද්‍යාපිඨයේ පිඨාධිපතිනි රමණි අඹේනායක අප කල විමසුමකට ඇය කියා සිටියේ තම ආයතනයේ උසස් නිලධාරින්ගේ අනුමැතියක් නොමැතිව මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

