අවිධිමත් රාජ්‍යත්‍රාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ ක්‍රියාදාමය මුළුමනින්ම පලිගැනීමක් යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ අද (18) පැවසුවාය.
අවිධිමත් රාජ්යත්රාත්ත්රික විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීම තුළින් ආගමන හා විගමන පාලන පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ විත්ති වාචකය ඉදිරිපත් කරමින් ශෂී වීරවංශ මහත්මිය විත්තිකූඩුවේ සිට එසේ පැවසුවාය.
2010ක් වූ සැප්තැම්බර් මස 13 වන දින සහ 2015 පෙබරවාරි මස 26 අතර කාලය තුළ කොළඹදී ඞී 3642817 දරන අවිධිමත් ශී‍්‍ර‍්‍ර ලංකා ගමන් බලපත්‍රය නීත්‍යානුකූල බලයක් නොමැතිව තම සන්තකයේ තබා ගැනීමෙන් ආගමන හා විගාමික පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් කළ බවට විත්තිකාරියට එරෙහිව රහස් පොලිසිය චෝදනා නඟා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හෝකන්දර මංගල මාවතේ පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති හෙවත් ශෂී වීරවංශ මහත්මියයි.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.
විත්තිකූඩුවේ සිට සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින් ප්‍රශ්නගත රාජ්යත්රාත්ත්රික විදේශ ගමන් බලපත්‍රය තමන් අතට ලැබුණු විගස තමා එය පරික්ෂා කළ බවත් එහි දත්ත වල යම් වෙනසක් තිබෙන බව තමන් නිරීක්ෂණය කළ බවත් පැවසු ශෂී වීරවංශ මහත්මිය තමා මේ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කළ බවද කීවාය.
ඒ පිළිබඳව කරුණු සොයා බැලූ ආගමන හා විගමන පාලකවරයා මෙම රාජ්යත්රාත්ත්රික විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් නොවන බවත් නීත්‍යානුකූල ලියවිල්ලක් බවත් ලිඛිතව තමන් වෙත දැනුම් දුන් බව කී ශෂී වීරවංශ මහත්මිය විදේශ ගමන් සඳහා භාවිතා කිරීමට කිසිදු තහනමක් නොමැති බව ආගමන හා විගමන පාලකවරයා විසින් තමන්ට දැනුම් දුන් බවද කීවාය.
ඒ අනුව වසර පහකට ආසන්න කාලයක් තමා මෙම විදේශ ගමන් බලපත්‍රය කිසිදු අවහිරයකින් තොරව භාවිතා කළ බවද යහපාලන රජය පැමිණීමෙන් පසුව ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලක් මත තමන්ව අත්අඩංගුවට ගෙන පලිගැනීමක් වශයෙන් මෙම නඩුව පැවරීමට පියවර ගැනුණු බවද සඳහන් කළ ශෂී වීරවංශ මහත්මිය මෙම නඩුවට තමා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ තම දරුවන් දෙදෙනා අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන් සඳහා සූදානම් වෙමින් සිටි බවද කී ශෂී වීරවංශ මහත්මිය එම සිද්ධිය සිදුවී මාස කීපයකින් තම මව මරණයට පත් වූ බව ද හැඟීම් බරව කීවාය.
වැඩිදුර නඩු විභාගය ඔක්තෝම්බර් මස 09 වනදා තෙක් කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.