මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ දීගයේ හැට්ටකටු ගලවන්නත් කලින් ළමයි හම්බවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා බදුල්ලේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය .
ඔහු මෙසේද පැවසීය,
මෛත්‍රී -රනිල් දිගයේ මීටත් කලින් දික්කසාදය ලැබෙයි කියලා අපිත් හිතාගෙන හිටියා. නමුත් කල්ගත වෙලා හරි දික්කසාදය උන එක හොදයි .
අපට පේනවා ඒ දික්කසාදයට පස්සේ අලුතින් ඇතිවු මෛත්‍රීපාල සිරිසෙන හා මහින්ද රාජපක්ෂ ආණඩුවෙන් දැනටමත් විශාල සහන සංඛ්‍යාවක් ලැබිල තියෙනවා .
සාමාන්‍යයන් කසාදයක් කරලා දෙවැනි ගමන ගියාට පස්සේ තමයි ළමයි හම්බවෙන්නේ . මේ කසාදේ හැට්ට් කටු ගැලෙව්වෙත් නැහැ දැන් හම්බවෙනවා .
පොහාර සහනාධාර, ඉන්ධන මිල අඩුවීම , කෘෂි ක්ෂේත්‍රෙය් බදු අඩුවීම , ජංගම දුරකථන බදු අඩුවීම , දැනටමත් සිදුවෙලා තියෙනවා . ධිවරයන්ටත් සහන දෙන්න කටයුතු කරගෙන යනවා .
ඒකනේ මම කිව්වේ හැට්ට කටු ගලවන්නත් කලින් ළමයි හම්බවෙනවා කියලා .
පාර්ලිමේන්තු ව විසුරුවා හරින ජනාධිපතිතුමාගේ තීන්දුව හරිය කියල ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් ඊළග පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ පනින අයත් පනින්නේනැති අයත් යානදි සියලු කට්ටි එකතුකරගෙන ආයේ එන්නෙත් මහින්ද රාජපක්ෂ මහත්තයාම තමයි .