ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිටපු ජනාධිපති චන්ද්‍රිකා පාර්ශ්වයට හිමිකරගනියිද නොඑසේනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයට හිමිකරගනිදැයි යන්න පිළිබඳ තීරණාත්මක දිනයක් බවට අද (05දා) දිනය පත්ව තිබේ.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ සමුළුවක් පැවැත්වීමට නියමිත අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවා ඇත.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් කොටසක් වෙන්වී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ බිහිවීමෙන් පසුව ඉතිරි වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂය යළිත් දෙකඩවී ඇත.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කොටසක් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කරන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂය සුරැකීමේ කණ්ඩායම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට එක්විය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය සුරැකීමේ කණ්ඩායම අද (05දා) තීරණාත්මක සමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද එයට සහාය පළ කර තිබේ.
මේ අතර ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කරන මෛත්‍රීපාල සිරිසේන මහතාද පක්ෂයේ බලය රැකගැනීම වෙනුවෙන් මැදිහත් වී ඇතැයි වාර්තාවන අතර, ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවද අද කැඳවා තිබේ.