ශ්‍රී ලංකාව ලකුණු 144ට සීමාවෙයි
- 24 01 2019
- 14:33
- {{hitsCtrl.values.hits}} views
- ..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්තාකර ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මුරලි - වෝන් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 144ට සීමා කිරිමට ඔස්ට්‍රේලියාව සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. බ්‍රිස්බේන්හි දිවා රාත්‍රී තරගයක් ලෙස මෙය පැවැත්වෙයි.
ශ්‍රී ලංකා පිතිකරුවන් එකිනෙකා දැවී යන විට හුදෙකලා සටනක නිරත වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් රැස්කිරීමට සමත්වූයේය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පැට් කමින්ස් කඩුලු 4ක් බිඳ හෙළීය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
