2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (07) දිනට යෙදුණු පොහෝ දිනයෙන් අවසන් වු අතර ශ්‍රි පාද උඩ මළුවේ වන්දනාකරුවන්ගෙන් තොරව තේවාවන් , ආගමික වතාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව 2019-2020 ශ්‍රි පාද වන්දනාවාරය අවසන් කරනු ලැබිය.
යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි ලක්ෂපාන යුද හමුදා කදවුරේ අණ දෙන නිලධාරින් ලුතිනල් කර්නල් නිලන්ත ගුණවර්ධන මහතාගේ අධික්ෂණයට යටතේ ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස් විසින් ශ්‍රි පාද උඩමළුවේ අද (08) දින උදැසන බුද්ධ පුජාව පැවැත්විමෙන් අනතුරුව සධාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ විශේෂ රන්සිලිගෙයක තැන්පත් කර නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය කරා වැඩම කරනු ලැබුහ.
ශ්‍රි පාදස්ථනාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක , පැල්මඩුල්ල ශ්‍රි රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නල්ලතන්නියේ සිට බැතිමතුන්ගේ සහභාගිත්වයකින් තොරව විශේෂ රිය පෙරහැරක් මගින් සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ බගවන්තලාව , බලංගොඩ හරහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරනු ලැබුහ.
එසේ වැඩම කරනු ලැබු සධාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ චාරිත්‍රානුකුලව විශේෂ දේව පුජාවන් ගණනාවක් සහ ආගමික වතාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව ශ්‍රිපාද අවාරය අවසන් වන තෙක් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ.
සධාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ වැඩම කිරිමේ අවස්ථාවට රාජ්‍යය නිලධාරින් කිහිප දෙනෙකු සහ යුද හමුදාවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුද සහභාගි විය.