හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ත රාජපක්ෂ මහත්මිය පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මාරු කිරිමට කටයුතු කළ බවට වන චෝදනාවක් මේ වන විට සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වෙයි.
ශර්මිනී සේරසිංහ නම් කාන්තාවක් චෝදනා කරන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇයගේ හිතවතියක් වෙනුවෙන් මෙම කටයුතු සිදුකර ඇති බවයි.
ඇයගේ නිවස ආසන්නයේ පිහිටි නිවසක දින පහක් පමණ නිරාහාරව සිටි බල්ලෙක් මුදවා ගැනීම වෙනුවෙන් තමන් පොලිස් නිලධාරීන් සමග ඒක්ව ඒම බල්ලා මුදවා ගත් බවත් පසුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම සිදුවීමට මුල් වූ පොලිස් නිලධාරීන් මාරු කිරීමට නිවස හිමි කාන්තාව වෙනුවෙන් ඉදිරිපත්වී ඇති බව ඇය වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමන් පැහැදිලි කිරිමක් කරමින් පවසන්නේ මෙය අසත්‍යක් බවත්. ඇයගේ මව සතුන්ට විශේෂ ආදරයක් දක්වන බවත්ය.