ශ්රී ලංකාවේ හා මාලදිවයිනේ නව අමෙරිකානු තානාපති ලෙසබ ජුලී ජියෝන් චුංග් මහත්මිය නම්කර ඇති බව ඇමෙරිකාවේ ධවන මන්දිරය පවසයි.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. ජූලි කොරියානු සම්භවයක් ඇති කාන්තාවක් වන අතර ඇය ඇමෙරිකාවේ විවිධ තනතුරු දරා තිබේ.
එසේම කාම්බෝජය, තායිලන්තය, ඉරාකය, කොලොම්බියාව, වියට්නාමය, ජපානය සහ චීනය යන රටවල අමෙරිකානු තානාපති කාර්යාලවල විවිධ තනතුරු ඇය දරා තිබේ.