ශ්‍රී ලංකාවේ වසර 10කට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය 2021 වසරේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත් කොවිඩ් වසංගතය ජන හා නිවාස සංගණනය සඳහා බලපෑම් ඇතිවූ බැවින් එහි වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව මේ වසරේ ජුලි මස ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ එම සංගණනයේ ලැයිස්තුගත කිරීමේ අදියරෙහි කටයුතු 2021 වර්ෂයේ ජනවාරී මස සිට මැයි මස දක්වා පැවැත්වීමට නියමිතය.
ගණන් ගැනීමේ අදියර 2021 ජුනි මස සිට නොවැම්බර් මස දක්වා පැවැත්වීමට නියමිතය.
දත්ත ප්‍රචාරණය කිරීම 2021 නොවැම්බර් මස සිට 2020 මැයි මස දක්වා සිදුකිරීමට නියමිතය.
ගණන් ගැනීමේ අදියරෙහි දී රැස් කරනු ලබන තොරතුරුවන නිරවද්‍යතාව තහවුරු කිරීම පිණිස පවත්වනු ලබන පශ්චාත් ගණන් ගැනීමේ සමීක්ෂණය 2022 වර්ෂයේදී සිදුකිරීමට නියමිතය.