ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි (YURYB.MATERIY) මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර විශේෂ හමුවක් අද දින (21) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු විය.
විශේෂයෙන් මෙහිදී කොවිඩ් 19 වෛරස් රෝගය මර්දනයෙදී රජයක් ලෙස ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග නිසා ශ්‍රී ලංකාවට එය සාර්ථකව මර්දනය කිරීමට හැකිවූ බව සිහිපත් කල තානාපතිතුමා ඒ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්රමුඛ රජයටත් ඒ සදහා නායකත්වය දුන්සෞඛ්ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් රුසියානු රජයේ ප්රසංසාව පල කර සිටියේය.
කොවිඩ් වෛරස ප්‍රතිකාර හා මර්දනය සදහා රුසියාව විසින් නිපදවනු ලැබූ නව එන්නත පිළිබදවද තානාපතිතුමා විසින් අමාත්‍යවරිය දැනුවත් කල අතර එම එන්නත පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවශ්‍ය නිර්දේශ සහ අනුමැතිය ලැබුනු පසු ශ්‍රී ලංකවේ කොවිඩ් මර්දනය හා ප්‍රතිකාර කටයුතු සදහා එම ඒන්නත භාවිතා කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රුසියානු තානාපති යූරි මතේරි (YURY B.MATERIY) මහතා හට අවධාරනය කලාය.
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් බිහිකිරීම සදහා රුසියානු රජය ශිෂ්‍යත්ව ලබා දෙමින් විශාල මෙහෙයක්, සේවාවක් සිදුකල බැවින් ඒ සදහා ශ්‍රි ලංකා රජයේ විශේෂ ස්තූතිය පුද කර සිටින බව මෙහිදී අමාත්‍යතුමීය සදහන් කලාය.
මේ පිලිබදව අදහස් දක්වමින් රුසියානු තානාපති යූරි මතේරි (YURYB.MATERIY) මහතා සදහන් කලේදෙරට අතර පවතින දීර්ඝ කාලීන මිතුදමේ ප්‍රතිලඑලයක් ලෙස මෙරට වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්යය මණ්ඩල වලට වැඩිදුර අධ්‍යාපනය සදහා රුසියාවේ ශිෂ්‍යත්ව ක්‍රමයක් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවය.