ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්රමුඛව තමාව උණුසුම් අයුරින් පිළිගැනීම ගැන ස්තූතිවන්ත වන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පවසයි.
මෙරට සංචාරයක් ආරම්භ කරමින් ඊයේ (27දා) රාත්‍රී දිවයිනට පැමිණි රාජ්‍ය ලේකම්වරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම අදහස් පළ කරයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.
"කොළඹට පැමිණීමට ලැබීම ගැන මා සතුටු වෙනවා. ශ්‍රී ලංකා රජය, මෙරට ව්‍යාපාර සහ ශ්‍රී ලංකාවේ ජනතාව සමග අපගේ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් තානාපති කාර්යාලය සිදුකළ කාර්ය භාරය ගැන මම ආඩම්බර වෙනවා."
"මගේ සංචාරයේදී එම උත්සාහයන් පුළුල් කිරීමට මා බලාපොරොත්තු වෙනවා." යැයි පවසා සිටියේය.
රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම ගැන කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ මෙසේය.
"එක්සත් ජනපද - ශ්‍රී ලංකා හවුල්කාරීත්වයේ ශක්තිය යළි තහවුරු කිරීමටත් සමෘද්ධිමත් හා ස්වෛරී ශ්‍රී ලංකාවක් සඳහා අපගේ ඇති කැපවීම අවධාරණය කිරීමටත් පොම්පෙඕ රාජ්‍ය ලේකම්තුමා කොළඹට සැපත් වෙනවා. ආයුබෝවන්! වනක්කම්! රාජ්‍ය ලේකම්තුමනි."